Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දවස් 72කදී වෙඩිතැබීමේ සිද්ධි 30ක්, පුද්ගල ඝාතන 21ක්

දවස් 72කදී වෙඩිතැබීමේ සිද්ධි 30ක්, පුද්ගල ඝාතන 21ක්

දවස් 72කදී වෙඩිතැබීමේ සිද්ධි 30ක්, පුද්ගල ඝාතන 21ක්

2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 30ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි.

එම වෙඩි තැබීම් 30 න් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ එම වෙඩිතැබීමේ සිදුවීම් 30න් 17ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වූ බවය.

Exit mobile version