Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගම්මිරිස් වගාවට දිලීර රෝග දෙකක්

ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළට

ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළට

ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝග දෙකක් පැතිර යාමේ අවදානමක් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ක්ෂණික කොළ මැලවීමේ රෝගය හා සෙමින් කොළ මැලවීමේ රෝගය (Quick wilt and Slow wilt) දිලීර වලින් හට ගන්නා බවත් ගම්මිරිස් වැල්වල මුල් කුණුවීම නිසා වැලට අවශ්‍ය නිසි ජලය හා පෝෂණය නොලැබීමෙන් ගම්මිරිස් වැල් වල කොළ මැලවී මුළුමනින්ම මැරී යන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

ගම්මිරිස් වගාවේ කඳන් විදින ගුල්ලා මෙම රෝග තත්ත්වය වඩාත් ව්‍යාප්තවීමට හේතුවී තිබෙන්නේ යැයිද මෙම රෝග බලපෑම නිසා අක්කර 200ක ගම්මිරිස් වගාව මුළුමනින්ම විනාශ වී ඇතැයිද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දැඩි උණුසුම් සහිත වියලි කාලගුණය නිසා මෙම රෝගය ඉක්මනින්ම පැතිර යාමේ අවදානමක් මතුවී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම රෝග පාලනය සඳහා නිර්දේශ කර ඇත්තේ මැන්කොසෙබ් සියයට 64ක් හා මෙටලැක්සින් සියයට 8ක් අඩංගු දිලීර නාශක වේ.

නිදසුන් ලෙස රිබෝමිල්, රෙඩොක්සිල් හා රෙඩොන් යන දිලීර නාශක මෙම රෝග තත්ත්වය පාලනය සඳහා සුදුසු වන බවත් රෝගය වැළඳුනු ගම්මිරිස් වැල් ගිනි තබා විනාශ කළ යුතු බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ කරුණු අනාවරණය කළහ.

Exit mobile version