Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාපනයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

යාපනයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

යාපනයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

යුද සමයේ පවරාගත් තවත් අක්කර 100කට වැඩි යාපනය අර්ධද්වීපයේ ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත නැවත ලබාදීම 2024 මාර්තු 10වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යිලයේ දී සිදුකෙරිණ. යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සදහා නිදහස් කළ 24වැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් කටටි පහක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් කට්ටි හතක් ඇතුළුව අක්කර 109.56ක් ඒවාහි මුල් අයිතිකරුවන්හට ආපසු ලබා දෙන ලදී.

මේවන විට යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම්වලින් ආරක්‍ෂාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන 0.5% ඉතාකුඩා ඉඩම් ප්‍රමානයක් පමනක් හමුදාව විසින් භාවිතා කරනු ලබයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ මගපෙන්වීම සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහගේ පූර්ණ් අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

Exit mobile version