Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම කඳුකරයේ ගිණි තැබීම් නිසා ජල මුලාශ්‍ර වලට බලපෑම්

මධ්‍යම කඳුකරයේ ගිණි තැබීම් නිසා ජල මුලාශ්‍ර වලට බලපෑම්

මධ්‍යම කඳුකරයේ ගිණි තැබීම් නිසා ජල මුලාශ්‍ර වලට බලපෑම්

මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජල පෝශකවල පිහිටි රක්ෂිත වනාන්තරවලට හා මානා පතන් වලට මේ දිනවල ඇතැම් පිරිස් සිදු කරන ගිනි තැබීම් හේතුවෙන් එහි ඇති ජල මූලාශ්‍ර සිඳී යාම නිසා මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බස්මින් පවතින බව වාර්තා වෙයි.

මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශ දෙකට ජලය සැපයෙන ශ්‍රීපාද රක්ෂිතය, මා එළිය රක්ෂිතය යන ප්‍රදේශවල මෙම ගිනි තැබීම් නිරන්තර සිදුවන බව ප්‍රදේශවාසීන් පවසති.

වන සතුන් දඩයම් කිරීම හා විනෝදයට ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන මෙම ගිනි තැබීම් නිසා මේ වන විට පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුව ඇති බව පරිිසරවේදීන් පෙන්වා දෙති.

මෙම ගිනි තැබීම නිසා ශ්‍රීපාද රක්ෂිතය අවට රක්ෂිත වනාන්තර, මානා පතන් හා වන වගාවන් අක්කර සිය ගණනක් විනාශයට පත්ව තිබේ.

පවතින නියං තත්ත්වය හා ගිනි තැබීම් හේතුවෙන් කෙටි කාලයකදී මධ්‍යම කඳුකරයේ දැඩි පානීය ජල හිඟයක් ඇතිවීමේ අවධානමක් ඇති බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.
– dinamina

Exit mobile version