Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුළ ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත් මුදලින් අදාළ මුදල අඩු කරගන්නා බව දන්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත්කර ඇති ලිපියක් ක්‍රියාත්මක වීම වළකාලමින් අභියාචනාධිකරණය සඳුදා දින (04) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

ඛනිජ තෙල් බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝගය, පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වෙයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලිපියක් නිකුත් කරමින් මාර්තු මාසය තුළ බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු ගෙවිය යුතු බවත් එසේ නොගෙවන්නේ නම් ඔවුන්ගේ තැන්පතුවලින් එය අය කරන්නා බව සඳහන් කර තිබූ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

අදාළ ලිපිය නිකුත්කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එවැනි ලිපියක් නිකුත් කිරීමට වගඋත්තරකාර සංස්ථාවට බලයක් නොමැති බවත් නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබූ අදාළ පෙත්සමේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අදාළ තීරණ බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

Exit mobile version