Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ඩිජිටල් ක්‍රමවේදයට

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම RMVයෙන් WhatsApp අංකයක්

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම RMVයෙන් WhatsApp අංකයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් ලබන සඳුදා දින සිට (04) සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව සඳුදා (04) සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි.

ඒ අනුව 011 2 117 116 යන දුරකථන අංකය හරහා මෙන්ම www.dmtappointments.dmt.gov.lk යන වෙබ් අඩවිය හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.

Exit mobile version