Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයට මානූෂිය ආධාර සැපයීම අඩාල වීමෙන් දහස් ගණනකගේ ජිවිත අවධානමේ

ගාසා තීරයට මානූෂිය ආධාර සැපයීම අඩාල වීම හරහා දහස් ගණනකට ජිවිත අහිමි විය හැකි

ගාසා තීරයට මානූෂිය ආධාර සැපයීම අඩාල වීම හරහා දහස් ගණනකට ජිවිත අහිමි විය හැකි

ගාසා තීරයට මානූෂිය ආධාර සැපයීම අඩාල වීම හරහා දහස් ගණනකට ජිවිත අහිමි විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

ගාසා තීරයේ උතුරු හා දකුණු ප්‍රදේශ ඉලක්ක කරනිමින් ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අවතැන් ජනතාව වෙත සහන සැපයීම සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් කුසගින්නේ පසුවන අතර තවත් මිලියන දෙකකට වැඩි පිරිසකට ප්‍රමාණවත් තරම් ආහාර නොලැබෙන බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

තවදුරටත් මානූෂිය ආධාර ලැබිම ප්‍රමාද වුවහොත් කුඩා දරුවන් විජලනය හේතුවෙන් මරණයට පත්විය හැකි බවට ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7වන දින සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා වැසියන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට පත්ව තිබෙනවා.

ඔවුන් අතුරින් බහුතරයක් කාන්තාවන් හා කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ. එමෙන්ම තුවාල ලැබු සංඛ්‍යාව 70,000කට අධිකයි.

Exit mobile version