ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.
ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල
යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා සිවිල් ජනතාවට අවසර හිමිවිය.
මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති – යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල්ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.