Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි – ජගත් සංවිධානය

ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි - ජගත් සංවිධානය

ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි - ජගත් සංවිධානය

මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

වළක්වා ගත හැකි මරණ මේ වන විට නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දෛනිකව ඝාතනයට ලක්වන පලස්තීන දරුවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එවැනි පසුබිමක ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන්ද දරුවන් මිය යාමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවයි ජගත් සංවිධානය සදහන් කරන්නේ.

ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම හරහා දරුවන් විවිධ රෝගාබාදයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම සංවිධානය පෙන්වා දෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කළද ඔවුන් ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරනවා.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීන වැසියන් 29000කට අධික සංඛ්‍යාවක් ඝාතනයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 69000කට අධිකයි.

Exit mobile version