Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක්

අල්ලස් කොමිසමේ අභ්‍යන්තර කටයුතු ඒකක තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර

අල්ලස් කොමිසමේ අභ්‍යන්තර කටයුතු ඒකක තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර

පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3ත් 4ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ මෙම දිනවල ජල විදුලි උත්පාදනය, 21%ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83%ක් වන අතර, සූර්ය බලයෙන් 4.5%ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙනු ලබයි.

සුළං බලාගාරවලින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව, 5%ක් වන අතර, 64%ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර හරහායි.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි, ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙනවා.

Exit mobile version