Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු දිග ගාසා තීරයේ ප්‍රධාන රෝහල ඊශ්‍රාලය වටලයි

දකුණු දිග ගාසා තීරයේ ප්‍රධාන රෝහල ඊශ්‍රාලය වටලයි

දකුණු දිග ගාසා තීරයේ ප්‍රධාන රෝහල ඊශ්‍රාලය වටලයි

දකුණු දිග ගාසා තීරයේ පිහිටි නසාර් නැමැති ප්‍රධාන රෝහල ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කර ගෙන තිබේ.

ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ, ඔවුන් මෙම අත්පත් කර ගැනීම සිදු කිරීමේදී ත්‍රස්තයින් රැසක් එහි සිට ඇති බවයි.
එසේම රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට වෙඩි ප්‍රහාරවලින් පලා යාමට අවශ්‍ය පරිසරය සකස් කර දුන් බවද පැවසේ.

එසේම ඛාන් යුනිස් හි නසාර් රෝහලේදී තමන් “නිශ්චිත හා සීමිත මෙහෙයුමක්” දියත් කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ අතර, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස එහි පිරිසක් රඳවාගෙන සිටි බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පැවසීය.

කෙසේ නමුත් මෙතෙක් එවැනි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

දැනටමත් රෆා වෙත තම හමුදා ඉදිරියට ඇදෙමින් පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කර ඇත. පලස්තීනුවන් මිලියන 1.4ක් පමණ එම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටිති.

Exit mobile version