Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය විවෘත වෙයි

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය විවෘත වෙයි

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය විවෘත වෙයි

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (13) නිල වශයෙන් විවෘත කරන ලදී.

මෙමඟින් ජනතාවට ජනාධිපති අරමුදල වෙතින් සපයනු ලබන සේවාවන්ට අදාළ යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර වෛද්‍යාධාර ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කරගැනීමේ හැකියාවද පවතී.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර, ජනාධිපති අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් මොරලියගේ සහ ජනාධිපති අරමුදලේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.බොතේජු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version