Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදා පහර; 67ක් ජීවිතක්ෂයට

රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදා පහර; 67ක් ජීවිතක්ෂයට

රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදා පහර; 67ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල හමුදා, මේ වනවිට, දිගින් දිගටම රෆා නුවරට පහර දෙයි. ඒ, රෆා නුවර ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලා ඇති අවස්ථාවකය.

එසේ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 67ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන පාලන අධිකාරිය පැවැසීය. එසේ ජීවිතක්ෂයට පත්වුණු පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව වාර්තා වේ. රෆා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් ඝාතනය වු පලස්තීන වැසියන් ගණන 100කට වැඩිය.

ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු මුදාගත් බව ඊශ්‍රායල හමුදාව පැවැසීය. ඊශ්‍රායල හමුදාවට අනුව, ඔවුන්ට මුදා ගැනීමට හැකිවූයේ, 60 හැවිරිදි සයිමන් මාර්මන් සහ 70 හැවිරිදි ලුවිස් හාර්ය.

Exit mobile version