Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැතුම් නිස්සංක වාර්තා පොතට

පැතුම් නිස්සංකට එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ අලුත් තැනක්

පැතුම් නිස්සංකට එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ අලුත් තැනක්

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 182ක සබඳතාවක් ගොඩනැගුවේය.

යළි ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88යි.

2000 වසරේදී ලකුණු 189ක් රැස් කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව පැතුම් නිශ්ශංක බිඳහෙලනු ලැබුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමිනි.

එතැනින් නොනැවතුණු ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට නොනවතින ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 200යේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් ප්‍රෙක්ෂකයන් බවට පත්කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210කි.

ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත්ය.

සදීර සමරවික්‍රම ලකුණු 44ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

Exit mobile version