Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නකල්ස් අධිසංවේදී පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා පරිසර බලකායක්

නකල්ස් අධිසංවේදී පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා පරිසර බලකායක්

නකල්ස් අධිසංවේදී පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා පරිසර බලකායක්

නකල්ස් අධිසංවේදී පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා පරිසර බලකායක් ස්ථාපිත කෙරුණා.

ලෝකයේ ජෛව විවිධත්වය අතින් සුවිශේෂ පරිසර කලාපයක් ලෙස නකල්ස් පරිසර පද්ධතිය හඳුන්වා දිය හැකියි.

පරිසරවේදීන් දීර්ඝකාලීනව සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසයි එම පරිසර පද්ධතියෙහි ආරක්ෂාව වෙනුවෙන් පරිසර බලකායක් ස්ථාපිත කෙරුනේ.

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූවා.

එහි එක් පියවරක් ලෙස 300 දෙනෙකුගෙන් සමන්විත පරිසර සංරක්ෂකයින් හට නේවාසික පුහුණුවක් ලබාදීම සිදු කෙරුණා.

පාරිසරික නීති, අණපනත් පිළිබද ප්‍රායෝගික වැඩමුළුවක් දින තුනක් පුරා ක්‍රියාත්මක වුණා.

Exit mobile version