Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ 7ට අධික සංඛ්‍යාවක් අපහසුතාවට

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති.

ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලබා වසරකට වැඩි කාලයක් ගතවී තිබුණද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එය සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන බවත් 2016 වසරෙන් පසුව විශ්‍රාම ලැබූවන්ට දෙන්නේ යැයි ප්‍රකාශ කළ විශේෂ දීමනාව මේ දක්වා නොලැබුණු බවත් විශ්‍රාමිකයෝ කියති.

මෙම වසරේ පෙබරවාරි මස විශ්‍රාම වැටුප් දීමනාව පසුගියදා (08) නිකුත් කළද එම විශේෂ දීමනාව මේ දක්වා ඇතුළත් කර නොමැති බවද විශ්‍රාම වැටුප් හිමියෝ සඳහන් කරති.

විශ්‍රාමිකයන්ගේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට කොමසාරිස් ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දුරකථනයෙන් සම්බන්ද කරගැනීමට උත්සාහ කළද ඒ මහතා රැස්වීමක සිටින්නේ යැයි කාර්යාලයේ සේවකයෙක් පැවසූ අතර ඒ මහතාගේ ජංගම දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.

(lankadeepa)

Exit mobile version