Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුර සකස් කර දෙන ලෙස දැනුම්දීමක්

රාජ්‍ය සේවක නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවක නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක්

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

මෙවර රාමසාන් සමය මාර්තු 12 වන දින සිට අප්‍රේල් 11 වන දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් එම කාලසීමාව තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දිය යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කරදෙන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමටද කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්:

Exit mobile version