Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ආවා” කල්ලි නායකයා ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට

"ආවා" කල්ලි නායකයා ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට

"ආවා" කල්ලි නායකයා ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට

යාපනය ප්‍රදේශය භිතියට පත්කරමින් අපරාධ රැසක් සිදුකළ ආවා කල්ලි නායකයා ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රභාකරන් කෞෂික නොහොත් ප්‍රභා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන මෙම සැකකරු ගල්කිස්ස යසෝරාපුර දෙමහල් නිවසක රැදි සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ විශේෂ කණ්ඩායමක් කළ වැටලිමකදීයි.

ඔහු විදෙස් රටකට පළා යාම සදහා මෙසේ සැගව සිටි බව අනාවරණය වී තිබෙනවා.

25 හැවිරිදි මෙම සැකකරු යාපනය, තෙල්ලිපලේයි, මල්ලාහම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තදින්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවෙකු බවයි හෙළිවී තිබෙන්නේ.

සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 300ක් ආවා කල්ලි ලාංඡනය සහිත රුපියල් 100 නෝට්ටුවක් හා පත්‍රිකාවක්ද සොයා ගැනුනා.

Exit mobile version