Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 10ක නීති විරෝධී මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කෝටි 10ක නීති විරෝධී මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කෝටි 10ක නීති විරෝධී මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධීව රුපියල් කෝටි 10කට අධික ‘ප්‍රීගැබ්’ මිලිගෑම් 150 වර්ගයේ මත් කරල් තොගයක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධා‍රින් කණ්ඩායමක් එඬේරමුල්ල – වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී මෙම මත්පෙති සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

සැකකරු සතුව තිබී ප්‍රීගැබ් මිලිග්‍රෑම් 150 වර්ගයේ මත් කරල් 192,000ක් සොයාගෙන ඇත.

සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකු වන අතර, ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්ය.

Exit mobile version