Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව තෙත් බිම් 3ක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත් කිරීමට පියවර

නව තෙත් බිම් 3ක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත් කිරීමට පියවර

නව තෙත් බිම් 3ක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත් කිරීමට පියවර

ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, සහ යාපනය දිස්ත්‍රික්කයට අයත් චුන්ඩිකුලම් ජාතික උද්‍යානය නව තෙත් බිම් කලාප ලෙස 2024 වසර ඇතුළත නම් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත

මෙහිදී වාන්කලෙයි අභයභූමිය, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා පුළුල් කිරීමටද පියවර ගෙන ඇතිබව අමාත්‍යවරිය පැවැසුවාය.

මේ අතර මිරිස්ස සමුද්‍රීය අභයභූමියද මේ වසර ඇතුළත ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.

Exit mobile version