Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රතිසංස්කරණය කරන ලද රථවාහන රැසක් යුද හමුදාධිපතිගේ පරීක්‍ෂාවට

ප්‍රතිසංස්කරණය කරන ලද රථවාහන රැසක් යුද්ධ හමුදාධිපතිගේ පරීක්‍ෂාවට

විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරමින් මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලකිහිපයක් කොළඹ, කටුබැද්ද, උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය සහ තවත් කිහිපයක් දිවයින පුරා ස්ථාපනය කර තිබෙනවා.

මෙමගින් පාපැදි, යතුරුපැදි, සැහැල්ලු වාහන, වෑන්, ලොරි, ට්‍රක්, බර වාහන සහ බස් රථ ආදිය යුද හමුදාවේ භාවිතයට පෙර නවීකරණය කිරීම, අලුත්වැඩියා කිරීම සහ තීන්ත ආලේප කිරීම ආදී කටයුතු සිදුකරනවා.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යුද හමුදාවේ රථ වාහන නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලබන බවයි පැවසෙන්නේ.

ඒ අනුව යුද හමුදාධිපතිගේ උපදෙස් මත එම බලකාය විසින් නවීකරණය කරන ලද Toyota Camry රථයන් ලෙස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද Mitsubishi Lancer CS-1 CS II මාදිලියේ මෝටර් රථ දහයක් යුද හමුදාවේ භාවිතය සඳහා එක්කර් තිබෙනවා.

මෙම මෝටර් රථ යුද හමුදාධිපතිවරයා විසින් (31) යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පරීක්‍ෂා කරනු ලැබුවා.

නවතමයෙන් අළුත්වැඩියා කරන ලද මෙම වාහන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව යුද හමුදාධිපති විසින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දීම සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් කාලෝචිතව ගනු ලැබූ මෙම උත්සාහය ඇගයීමට ලක් කණු ලැබූ බවයි පැවසෙන්නේ.

තවද, නවීකරණය කරන ලද වාහන සඳහා වන අමතර කොටස් සහ අනෙකුත් කොටස් වෙනුවෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වීම පිළිබඳවද එහිදී සිය ප්‍රශංසාව පළ කළා.

Exit mobile version