Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාවට 2023දී වාර්තාගත ඩොලර් බිලියන 238ක ආයුධ අලෙවියක්

අමෙරිකාවට 2023දී වාර්තාගත ඩොලර් බිලියන 238ක ආයුධ අලෙවියක්

අමෙරිකාවට 2023දී වාර්තාගත ඩොලර් බිලියන 238ක ආයුධ අලෙවියක්

අමෙරිකාව පසුගිය වසරේදී වාර්තාගත ඩොලර් බිලියන 238ක් වටිනා ආයුධ විදෙස් රටවලට අලෙවි කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වාර්තාගත ආයුධ තොගය අලෙවි කර ඇත්තේ රුසියානු – යුක්රේන යුද ගැටුම් හේතුවෙන් පැවැති ඉල්ලුම මත බවද වාර්තා වේ. පෝලන්තය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ චෙක් රාජ්‍යය ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ අමෙරිකාවෙන් සෘජුවම ආනයනය කළ රටවල් අතර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එය වසර 2022 අමෙරිකාවේ ආයුධ අලෙවියට වඩා 56%ක ඉහළ යෑමක් බවද වාර්තා වේ.

සිය හමුදාව පුළුල් කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටින පෝලන්තය විශාලතම ආයුධ මිලදී ගැනීම් කිහිපයක්ම අමෙරිකාවෙන් සිදු කර ඇති අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 12කට වඩා වැඩි බවද වාර්තා වේ.

Exit mobile version