Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

මැදපෙරදිග පිහිටි අමෙරිකා කඳවුරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් එක්සත් ජනපද භටයින් තිදෙනෙක් මිය ගොස් ඇත.

ජෝර්දානයේ සිරියාවේ දේශසීමාව ආසන්නයේ පිහිටි අමෙරිකා කඳවුරකට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් අමෙරිකා සෙබළු තිදෙනෙකු මිය ගොස් 34කපිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ මෙම ප්‍රහාරය ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් සිදු කර ඇති බවයි. ජෝ බයිඩන් සඳහන් කළේ, ඊට වගකිව යුතු පුද්ගලයින්ට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

ඔක්තෝබර් 7වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු මෙම කලාපය තුළ අමෙරිකා හමුදා මිය ගිය පළමු අවස්ථාවද මෙය වේ.

Exit mobile version