Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම්

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරුවීම්

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (24) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.කඩුපිටිය මහතා බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

යාපනය දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්.සෙනරත් මහතා ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ.ජයසිංහ මහතා යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.

Exit mobile version