Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මළ ගමක් වූ ගාසා තීරය; පැය 24කදී මරණ 178ක්, ඝාතනය වු පිරිස 25,000 ඉක්මවයි

මළ ගමක් වූ ගාසා තීරය; පැය 24කදී මරණ 178ක්, මිය ගිය පිරිස 25,000 ඉක්මවයි

මළ ගමක් වූ ගාසා තීරය; පැය 24කදී මරණ 178ක්, මිය ගිය පිරිස 25,000 ඉක්මවයි

පසුගිය ඔක්තෝබර් මස 07වැනිදා සිට මේ දක්වා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ ඝාතනයට ලක් වු පිරිස 25,000 ඉක්මවා තිබේ.

පසුගිය පැය 24 තුළ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 178ක් බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ප්‍රහාර වලින් ඝාතනයට ලක් වු බහුතරය කාන්තාවන් සහ ළමයින් බවයි වාර්තා පෙන්වා දෙයි.

හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 7 ප්‍රහාරය පිළිබඳ පළමු වරට නිල නිවේදනයක් (21) නිකුත් කර තිබුණි.

හමාස් සංවිධානය සඳහන් කර තිබුනේ එම ප්‍රහාරය ඊශ්‍රායල විසින් පලස්තීන භූමි ප්‍රදේශ ආක්‍රමණයට එරෙහිව “අවශ්‍ය පියවරක්” සහ පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීමේ මාර්ගයක් ලෙසයි.

ඊශ්‍රායලයේ ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම් මේ වන විට දකුණු ගාසා තීරය වෙත යොමු වී තිබේ.
ඊශ්‍රයල හමුදාව පවසන්නේ ඉහළ පෙළේ හමාස් අණ දෙන නිලධාරීන් ඛාන් යුනිස් නගරයේ හෝ ඊට යටින් උමං මාර්ග වල සැඟවී සිටින බවයි.

එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා කරන්නේ ඊශ්‍රායල හමුදාව හමාස් සටන්කාමීන්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයක් ක් ඝාතනය කර ඇති බවයි.

Exit mobile version