Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බෙලිඅත්ත සමූහ ඝාතනය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06ක්

බෙලිඅත්ත සමූහ ඝාතනය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06ක්

බෙලිඅත්ත සමූහ ඝාතනය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06ක්

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා:
“දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කණ්ඩායම් 06 දැනට විශේෂයෙන් පත්කරලා තියෙනවා. මූලිකවම දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා යටතේ වෙනම කණ්ඩායමක්, බෙලිඅත්ත පොලිස් කණ්ඩායමක්, කොට්ඨාස භාර නිලධාරීයා විසින් කොට්ඨාසයෙන් ලබාගත් නිලධාරීන්ගෙන් තවත් කණ්ඩායමක්, බුද්ධි නිලධාරීන්ගෙන් එම කණ්ඩායම් සමන්විතයි”

(22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරාද සිටින බව වාර්තා වේ.

එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත. වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අයද මියගොස් තිබේ.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

මේ අතර අදාළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයා පැමිණි කැබ් රථය ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බැවින් ඔවුන් වැලිගම හෝ මිදිගම ප්‍රදේශයේ කණ්ඩායමක් වියහැකි බවට පොලීසිය සැක පළ කරයි.

Exit mobile version