Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සවයන් උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ.

මධ්‍යම පළාත් සභාවට අයත් පාසල් සහ ජාතික පාසල්වලට මෙම චක්‍රලේඛය නිකුත් කොට ඇත්තේ විවිධ උත්සව සංවිධානය කරමින් ඇතැම් පාසල් මගින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමිණි.

එම චක්‍රලේඛයට අනුව පළමු වාරයේදී උත්සව තුනක්ද දෙවන හා තෙවන වාරවලදී උත්සව හතරක්ද පැවැත්වීමට අවසර හිමිවන අතර ඊට අමතරව කිසියම් උත්සවයක් පවත්වන්නේ නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් අවසර ගත යුතුව ඇත.

පළමු වාරයේදී ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය, නිදහස් උත්සවය සහ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට අවසර හිමිවන අතර දෙවන හා තෙවන වාරවලදී අධ්‍යාපන චාරිකාව, කලා උළෙල, වර්ණ ප්‍රධානෝත්සවය හා වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට අවසර හිමි වනු ඇත.

සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව එම චක්‍රලේඛය නිකුත් කොට තිබේ.

Exit mobile version