Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ සෑම පුද්ගලයෙකුටම මේ වසරේම දඩුවම්

දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ සෑම පුද්ගලයෙකුටම මේ වසරේම දඩුවම්

දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ සෑම පුද්ගලයෙකුටම මේ වසරේම දඩුවම්

ළමා හා කාන්තා කාර්යාංශයේ අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතා කීය.

ඒ අනුව එවැනි අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් පිළිබදව විමර්ශන ආරම්භවී තිබෙන අතර ඒ සෑම වීඩියෝවක් සම්බන්ධවම විමර්ශනය කර ඒවා සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම වසර තුළදී සිදුකරන බවද වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය.

Exit mobile version