Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් ටොන් බිලියන 1.3ක්; ඉන් 50%ක්ම සෞදි ආරාබියෙන්

වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් ටොන් බිලියන 1.3ක්; ඉන් 50%ක් සෞදි ආරාබියෙන්

වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් ටොන් බිලියන 1.3ක්; ඉන් 50%ක් සෞදි ආරාබියෙන්

වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් සියයට 50ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය සිදුකරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

වාර්ෂිකව ලොවපුරා ටොන් බිලියන 1යි දශම 3ක ආහාර ප්‍රමාණයක් අපතේ හරින බව ජගත් සංවිධධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ඉන් 50%ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය සිදුකරන බවයි තවදුරටත් හෙළිව ඇත්තේ.

ජගත් සංවිධානයේ ආහාර අපතේ හැරීමේ වැඩසටහනට අනුව සෞදි ආරාබිය ආහාර අපතේ හරින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවනවා.

ඔවුන් වසරකට අපතේ හරින ආහාර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 10යි දශම 6ක් වන බවද සදහන්.
එක් සෞදි ජාතිකයෙකු වසරකට කිලෝ 200ට ආසන්න ආහාර ප්‍රමාණයක් අපතේ හරින බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වුවද ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම ඉස්මතු කිරීමට හා ආහාර පරිභෝජන පිළිවෙත් දිරිගැන්වීම සදහා පුළුල් වැඩසටහනක් සෞදි ආරාබිය තුළ ආරම්භ කළ යුතු බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.

Exit mobile version