Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෙර පාසල් ගුරුවරියන් සඳහා 2,500ක දීමනාවක්

පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට

පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගත් පුහුණු වූ පෙර පාසල් ගුරුවරියන් 18,333ක් සඳහා රුපියල් 2,500ක දීමනාවක් මේ වසරේ සිට ලබාදීමට කටයුතු කරනු ලබන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පැවසුවාය.

‘ගුරු අභිමානී‘ වැඩසටහන යටතේ එක් ගුරුවරියකට රුපියල් 2,500ක් බැගින් ලබා දීම සහ එම ප්‍රමාණය මේ වසරේදී කෙසේ හෝ වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් “ස්ථාවර රටකට සැවොම එක මගකට” මැයෙන් (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

දරුවෙකුට ඉගැන්වීම යනු වෙනමම කාර්යයක් බැවින් ඒ පිළිබඳ මනා අවබෝධයක් පෙර පාසල් ගුරුවරුන්ට මේ වන විට ලබා දී ඇති අතර 2024ට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නැතත් අලුතින් බැඳුණු පෙර පාසල් ගුරුවරුන්ටද විශේෂ වැඩසටහනක් යටතේ පුහුණු කිරීමට නියමිත යැයි ද ඇය කීවාය.

රටේ මුළු පෙර පාසල් සංඛ්‍යාව 19,216ක්ද මුළු පෙර පාසල් ගුරුවරියන් ගණන 37,000ක්ද තවත් උපාධිධාරි පෙර පාසල් ගුරුවරියන් 29,000ක් සිටින බවද පෙර පාසල් සිටින මුළු ළමයින් ගණන 585,000ක්ද අමාත්‍යවරිය පැවසුවාය.

Exit mobile version