Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වේ

2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

Exit mobile version