Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් 85%ක්ම අවතැන්

ගාසා තීරයේ සමස්ත ජනගහණයෙන් 85%ක් අවතැන් වෙලා

ගාසා තීරයේ සමස්ත ජනගහණයෙන් 85%ක් අවතැන් වෙලා

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් ලක්ෂ 19ක පමණ ජනතාවක් අවතැන් වී ඇතැයි හෙළි වේ.

එම පිරිස ගාසා තීරයේ සමස්ත ජනගහණයෙන් 85%කි. එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ (09) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කෙරිණ. එමෙන්ම ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතල ලෙස බිඳවැටෙමින් පවතින බවද එහිදී අනාවරණය විය.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, ගාසා තීරයේ 23000 කට වැඩි පිරිසක් ඝාතනයට ලක් වි ඇති අතර, එය සමස්ත ගාසා තීරයේ ජනගහණයෙන් 1%කි. තුවාල ලැබූ පිරිස 59000 කට ආසන්න වන අතර එය සමස්ත ජනගහණයෙන් 2.7%ක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පලස්තීන නියෝජිතයෙක් ජෙරුසලමේ දී ප්‍රකාශ කළේය.

මේ අතර, සමස්ත ගාසා තීරය සඳහා සුරක්ෂිතව සහනාධාර ප්‍රවාහනය කිරීමට මාර්ග නොමැතිවීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දෙසැම්බර් 26 වැනිදා සිට මේ දක්වා 6 වතාවක් උතුරු ගාසා තීරයට සෞඛ්‍ය පහසුකම් ප්‍රවාහනය කිරීමේ සැලසුම් ද අහෝසි කර ඇත.

Exit mobile version