Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලයට එරෙහි නඩුව ජනවාරි 11-12 හේග් හිදී කැඳවනු ඇත

ඊශ්‍රායලයට එරෙහි නඩුව ජනවාරි 11-12 හේග් හිදී කැඳවනු ඇත.

ඊශ්‍රායලයට එරෙහි නඩුව ජනවාරි 11-12 හේග් හිදී කැඳවනු ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ ‍ඓතිහාසික නඩුවක් ගොනු කර තිබේ.

ජාත්‍යන්තර අධිකරණයේ හි මීට පෙර සාර්ථක ලෙස පෙනී සිටි ජාත්‍යන්තර නීති විශේෂඥ ෆ්‍රැන්සිස් බොයිල් පවසන්නේ “දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක වනු ඇතැයි” ඔහු විශ්වාස කරන බවයි. මෙම නඩුව 2024 ජනවාරි 11-12 දක්වා හේග් හිදී කැඳවනු ඇත.

අයර්ලන්ත නීතීඥ Blinne Ní Ghrálaigh විසින් ඊශ්‍රායලයට එරෙහි නඩුවේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
මීට අමතරව ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් චිලී නීතිවේදීන් 100ක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (07) පැමිණිල්ලක් ගොනු කළේය.

ඊශ්‍රායලය දින 90ක් තුළ ගාසා තීරයට පුපුරණ ද්‍රව්‍ය ටොන් 65,000ක් හෙලා ඇත. මේ වන විට පලස්තීන වැසියන් 30, 676ක් ඊශ්‍රායලය විසින් ඝාතනය කර ඇත. එයින් 12,040ක් කුඩා දරුවන්, 6,103ක් කාන්තාවන් වේ.

තවද අද වන විට ඔක්. (07)දා සිට ඊශ්‍රායලය විසින් මාධ්‍යවේදීන් 109ක් දෙනෙක්ද ඝාතනය කර ඇත.

-Euro-Med Monitor

Exit mobile version