Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතාලියේ සිට මෙරටට එවූ කෝටි 6ක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ඉතාලියේ සිට මෙරටට එවූ කෝටි 6ක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය

ඉතාලියේ සිට මෙරටට එවූ කෝටි 6ක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය

විදේශයක සිට මෙරටට යොමු කරන ලද රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව ප්‍රදේශයේ භාණ්ඩ නිෂ්කාශන ආයතනයක තිබී සොයාගෙන තිබේ.

ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට යොමු කරන ලද පාර්සලයක තිබී එම මත්ද්‍රව්‍ය තොගය රේගු ආදායම් අධීක්ෂණ අංශය මඟින් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්කොඩ මහතා පැවසුවේය.

ආහාර ද්‍රව්‍ය බවට ප්‍රකාශ කරන ලද එම පාර්සලයේ තිබී රුපියල් මිලියන 61කට අධික වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 91ක තොගයක් සොයාගෙන ඇති බව සඳහන්ය.

එම පාර්සලය රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට ආ නියෝජිතයෙකු එහිදී අත්අඩංගුවට ගත් ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදුන් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Exit mobile version