Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පලස්තීනයට සහය පළ කරමින් රටවල රැසක් නව අවුරුදු සැණකෙළි නතර කරයි

පලස්තීනයට සහය පළ කරමින් රටවල රැසක් නව අවුරුදු සැණකෙළි නතර කරයි

පලස්තීනයට සහය පළ කරමින් රටවල රැසක් නව අවුරුදු සැණකෙළි නතර කරයි

නව අවුරුදු උදාවූ අවස්ථාවේදීත් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර මධ්‍යයේ ලොව පුරා රටවල් ගණනාවක් ඔවුන්ගේ අවුරුදු සැමරුම් නවතා තිබෙනවා.

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සහ ගාසා තීරයේ වහා සටන් විරාමයක් සඳහා කෙරෙන ඉල්ලීම්වලට සහයෝගය පළ කරමින් මේ රටවල් ඔවුන්ගේ නව අවුරුදු උදාවේ උත්සව සියල්ල නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින පලස්තීන ප්‍රදේශවල නත්තල් සැමරුම් යටපත්වීමෙන් පසුව දකුණු ලෙබනනය, ඉරාකය සහ සිරියාව සහ අනෙකුත් රටවල් අලුත් අවුරුදු උත්සව සැමරුම් නැවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ පලස්තීනුවන්ට සහයෝගය දැක්වීම සඳහා නව අවුරුදු සැමරුම් තහනම් කරන බව පකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයක් වන සාජා ද අලුත් අවුරුදු සැණකෙළි තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත් සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානයද නව වසරේ නව වසරේ සැමරුම් සිදු කරන අතර ලොව පුරා බිලියන ගණනක් ඒ සඳහා එක්වනු ඇති බව සඳහන්.

පලස්තීන වර්තාවලට අනුව ඔක්තෝබර් 7 වනදා යෙන් පසු ආරම්භ වූ යුද්ධයෙන් ගාසා තීරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මේ වනවිට පුද්ගලයන් 21,822 දෙනෙකු ඝාතනයට ලක් වි ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Exit mobile version