Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. කෝටි 17ක රත්‍රන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රු. කෝටි 17ක රත්‍රන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රු. කෝටි 17ක රත්‍රන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 17කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ කාර්ය මණ්ඩලය පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහි දී අදාළ සැකකරුගේ යට ඇඳුම තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්‍රන් බිස්කට් 66ක් සොයාගෙන තිබේ.

එම රත්‍රන්වල බර කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 700ක් වන අතර එහි වටිනාකම රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයකට අධික බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වසර 15කට අධික කාලයක් ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සේවය කර ඇති පුද්ගලයෙකි.

අදාළ රත්‍රන් තොගය කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපණ ශාලාව තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් සැකකරුට ලබා දී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

Exit mobile version