Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් පමණ මිහිදන් කරයි

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් පමණ මිහිදන් කරයි

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් පමණ මිහිදන් කරයි

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් පමණ මිහිදන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලාශ්‍ර AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙන්නේ ඔවුන් අතර ප්‍රාණ ඇපකරුවන් නොමැති බවයි.

බලධාරීන් මෙම සිරුරු පරීක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලයට ප්‍රවාහනය කර ඇති නමුත් පසුව ඔවුන් දකුණු ගාසා තීරයේ Kerem Shalom හරස් මාර්ගය හරහා ආපසු හරවා යවා ඇති බව සඳහන්.

ඊශ්‍රායල හමුදාව මේ සම්බන්ධයෙන් තවමත් අදහස් දක්වා නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඊශ්‍රායලය පවසන්නේ පුද්ගලයන් 240 දෙනෙකුගෙන් 129 දෙනෙකු පැහැරගෙන ගොස් රැගෙන ගිය පසුවත් ඔවුන් පිළිබඳව තවමත් තොරතුරු ලැබී නොමැති බවයි.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එතැන් සිට එල්ලවූ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් 20,600කට වැඩි පිරිසක් මේ දක්වා ඝාතනයට ලක් වි ඇත.

Exit mobile version