Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස පාප්වහන්සේගෙන් ඉල්ලීමක්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස පාප්වහන්සේගෙන් ඉල්ලීමක්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස පාප්වහන්සේගෙන් ඉල්ලීමක්

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා තබා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිය සාරා නෙතන්යාහු ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා පාප්වහන්සේට ලිපියක් යොමු කරමින් ඊශ්‍රායල අගමැති බිරිය සඳහන් කර ඇත්තේ පෞද්ගලිකවම මේ සඳහා මැදිහත් වන ලෙසටය. කොන්දේසි විරහිතව සහ ප්‍රමාදයකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට බලපෑම් කරන ලෙසද එම ලිපියේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගාසා තීරයේ රඳවා තබා සිටින බව කියන ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයන ලෙස රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කරන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත බේරා ගැනීමට පාප්වහන්සේට හැකියාව පවතින බවත් සාරා නෙතන්යාහු සිය ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට රාජ්‍යතාන්ත්‍රිකව උත්සාහ කරන ලෙස ඉල්ලීමක් කරමින් ඊශ්‍රායල අගමැති බිරිය ලොව පුරා රාජ්‍ය නායකයන් 33 දෙනකුගේ බිරියන් වෙතද ලිපි යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Exit mobile version