Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් කෝටි 12ක රත්‍රන් රැගෙන ආ කාන්තාවට රුපියල් කෝටි 11ක දඩයක්

රුපියල් කෝටි 12ක රත්‍රන් රැගෙන ආ කාන්තාවට රුපියල් කෝටි 11ක දඩයක්

රුපියල් කෝටි 12ක රත්‍රන් රැගෙන ආ කාන්තාවට රුපියල් කෝටි 11ක දඩයක්

රුපියල් කෝටි 12ක් වටිනා රත්‍රන් තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාවට රුපියල් කෝටි 11කට අධික දඩයක් නියමකර තිබේ.

ඊයේ (22) අලුයම ඩුබායි සිට පැමිණි ඇයව රත්‍රන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500ක් සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගත්තාය.

රුපියල් කෝටි 12ක වටිනාකමින් යුතු එම රත්‍රන් තොගය රාජසන්තක කිරීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගත් කාන්තාවට රුපියල් 11 කෝටි 80 ලක්ෂයක දඩයක් නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම දඩ මුදල ඇය විසින් එම අවස්ථාවේදීම ගෙවීමට පියවර ගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Exit mobile version