Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල හමුදාව විසින් අත් වැරදිමකින් ඊශ්‍රායල ජාතිකයින් ඝාතනය කරයි

ඊශ්‍රායල හමුදාව විසින් අත් වැරදිමකින් ගාසා තීරයේදි ඝාතනයට ලක් වු ප්‍රාණ ඇපකරුවන් තිදෙනාගෙන් එක් අයකුගේ දේහය මෙම සිද්ධිය පිලිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය විමත් සමග පසුගිය සෙනසුරාදා ගාසා තීරයේ තැන්පත් කර ඇත.

සමර් තලල්කා යන ප්‍රාණ ඇපකරුවා ඊශ්‍රායලයේ තැන්පත් කරන ලද අතර තලල්කා හැර අනිකුත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා වන යොටම් හෙයිම් හා ඇලොන් ශම්රිස් යන අය ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායලයට එරෙහිව එල්ල කල ප්‍රහාරය හමුවේ හමාස් විසින් පැහැර ගන්නා ලදි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ භට පිරිස් ඔවුන්ගේ නීතීරීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පසුගිය සිකුරාදා ගාසා තීරයේ මෙහෙයුම් අතරතුර ඔවුන් තිදෙනාට වෙඩි තැබු බවයි.

ඔවුන් තිදෙනා “උදව්” ලෙස කෑ ගසමින්ද, සුදු කොඩි වනමින්ද “උදව්” සහ “සෝස්” යන වචන අදින ලද තාප්පයක් අසල සිටගෙන සිට ඇති බවත් වාර්තා වේ.

ඉවසිය නොහැකි ඛේදවාචකයක් ලෙස අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු මෙම සිදුවිම හඳුන්වනු ලැබ ඇත.තවද පසුගිය සිකුරාදා සිය ගණනක් වූ ඊශ්‍රායල ජාතිකයන් විසින් ටෙල් අවීව් හි ප්‍රදාන මාර්ගයද අවහිර කරමින් ඉල්ලා සිට ඇත්තේ හමාස් විසින් රඳවාගෙන සිටින ඉතිරි ප්‍රාන ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙසයි.

තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිමට හැකි විධිමත් ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඊශ්‍රායල බුද්ධි අංශ ප්‍රධානි කටාර්හිඊශ්‍රායල හමුදාව විසින් අත් වැරදිමකින් ඊශ්‍රායල ජාතිකයින් ඝාතනය කරයි අගමැති හමු වු බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.තවද ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින වයස්ගත පලස්තීන සිරකරුවන් වෙනුවට වයෝවෘද්ධ මිනිසුන් ඊට ඇතුලත් වන බවද වාර්තා කරයි.

Exit mobile version