Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රහාර වලින් ඝාතනය ලක් වු පලස්තීනුවන් ගණන 20,000 ඉක්මවයි

ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය පලස්තීනුවන් ගණන 20,000 ඉක්මවයි

ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය පලස්තීනුවන් ගණන 20,000 ඉක්මවයි

ගාසා තීරය ඉලක්ක කර එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය පලස්තීනුවන් ගණන 20,000 ඉක්මවා ඇත.

දින හතක සටන් විරාමය හැර ගැටුම ආරම්භයේ සිට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ රිචඩ් බ්‍රෙනන් පවසන්නේ මෙම අනතුරු සංඛ්‍යා විශ්වාස කළ හැකි යැයි තමන් සලකන බවයි.

ඕනෑම යුද කලාපයක මළවුන් ගණන් කිරීම අභියෝගයක් වන අතර ගාසා තීරයේ වෛද්‍යවරු පවසන්නේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වැළලී ගිය හෝ රෝහල් වෙත ගෙන නොගිය සිරුරු එයට ඇතුළත් නොවන බැවින් මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි.

Exit mobile version