Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා මහජන අදහස් විමසීමක්

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා මහජන අදහස් විමසීමක්

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා මහජන අදහස් විමසීමක්

ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කරයි.

2023-2025 කාලසීමාව වෙනුවෙන් මෙම අදහස් විමසනු ලබයි.

“විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුලපිරීමක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

මේ වන විට ලොව පුරා රටවල් 75ක්, පළාත් පාලන ආයතන 104ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, සිය 2023-2025 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ‍සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි සම-නිර්මාණකරුවෙකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවස්ථාව ලබා දී තිබේ. එමඟින් ශ්‍රී ලංකාව තුළ විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත ආරාධනා කෙරේ.

මේ සඳහා වන ප්‍රශ්නාවලිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය https://www.presidentsoffice.gov.lk ඔස්සේ ප්‍රවේශ විය හැක.

Exit mobile version