Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැය 24ක කාලය තුළ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී 2121 දෙනෙකු අත්අඩංගුවට

පැය 24ක කාලය තුළ 'යුක්තිය' විශේෂ මෙහෙයුමේ දී 2121 දෙනෙකු අත්අඩංගුවට

පැය 24ක කාලය තුළ 'යුක්තිය' විශේෂ මෙහෙයුමේ දී 2121 දෙනෙකු අත්අඩංගුවට

යුක්තිය විශේෂ මෙහෙයුමේ දී පැය 24ක කාලය තුළ සැකකරුවන් 2121 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දිවයින පුරා මෙම වැටලීම් සිදුකෙරුණේ අපරාධකල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක වෙයි.

එම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, ඈෂ්, මාවා ඇතුළු මත්ද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් සෙයා ගැනීමට හැකිවී තිබෙයි.

සැකකරුවන් 2,121 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 12 දෙනෙකු රැදවුම් නියෝග ලැබූවන් බවයි පොලීසිය පවසයි.
සැකකරුවන් පස් දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙයි.

පුනරුත්ථාපනය සදහා පුද්ගලයින් 153 දෙනෙකු යොමු කිරීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 116 දෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර වන බව පොලීසිය සදහන් කළේය.

Exit mobile version