Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෑම පාසලක් අවට මීටර් 500 සීමාවේ ඇති ළමයින්ට අහිතකර දේවල් ඉවතට

හැම පාසලක් අවට මීටර් 500 සීමාවේ ඇති ළමයින්ට අහිතකර දේවල් ඉවතට

හැම පාසලක් අවට මීටර් 500 සීමාවේ ඇති ළමයින්ට අහිතකර දේවල් ඉවතට

පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළග පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

කොළඹ වේලුවන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු එසේ පැවසීය.

“හැම පාසලක් අවට මීටර් 500 සීමාවේ ඇති ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලු ස්ථාන නැවත පාසල් ආරම්භ කරනකොට තියන්න ඉඩ තියන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා අහිතකර දේවල් සියල්ල ඉවත් කරනවා”.

ඒ අනුව එවැනි ස්ථාන මීළඟ පාසල් නිවාඩු කාලය තුළදී පරීක්ෂා කර ඉවත් කිරීමට පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනාවරණ කළේය.

Exit mobile version