Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

WHO ගාසා තීරයට හදිසි මානුෂීය ආධාර ඉල්ලයි

WHO ගාසා තීරයට හදිසි මානුෂීය ආධාර ඉල්ලයි

WHO ගාසා තීරයට හදිසි මානුෂීය ආධාර ඉල්ලයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ සෞඛ්‍ය තත්ත්වය මුළුමනින්ම බිඳ වැටී ඇතැයිද, කඩිනමින් මානුෂීය ප්‍රවේශයක් සිදු නොවන්නේ නම් බරපතළ විනාශයක් සිදු වනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

ගාසා තීරයේ රෝහල්වල වෛද්‍යවරුන්ට සිතාගත නොහැකි තරම් අර්බුද රැසකට ලක්වීමට සිදු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් අද්නාන් පසුගියදා එම සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගාසා තීරයට බාධාවකින් තොරව ක්ෂණික මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා රටවල් 34ක නියෝජිතයන්ගේ සම්මුතියෙන් යෝජනාවක්ද සම්මත කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මානුෂීය සහන ඉල්ලා සිටීමට අමතරව ගාසා තීරයේ සිර වී සිටින රෝගීන් සඳහා පිටවීමේ බලපත්‍ර ලබා දෙන ලෙසත් එම යෝජනාව මඟින් ඉල්ලීමක් කර ඇත. ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් හිඟවීම හේතුවෙන් ගාසා තීරයේ වසංගත රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී ඇති බවත්, දරුවන් අතර පාචනය වැනි රෝග පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version