Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතුයි: තීරණාත්මක ඡන්ද විමසුමක්

වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතුයි: තීරණාත්මක ඡන්ද විමසුමක්

වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතුයි: තීරණාත්මක ඡන්ද විමසුමක්

ඊශ්‍රායල-පලස්තීන යුද්ධය, ලෝක සාමයට බරපතල තර්ජනයක් බව පෙන්වා දෙමින්, ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරමින්, වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව සම්මත කර ගැනීමට නම්, ඊට පක්ෂව ඡන්ද 9ක් හිමිවිය යුතුය.

මීට පෙර, යෝජනාවලදී, ඊශ්‍රායලයට සහාය පළ කළ ඊශ්‍රායල හිතවාදී ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ නිෂේධ බලය භාවිත කිරීමෙන් වැළැකී සිටිය යුතුය.

කෙසේ නමුත් මීට පෙර ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනා මෙන් නොව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.

ජගත් මහ ලේකම්වරයා යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය යටතේ, ඔහුට හිමි බලතල අනුවය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස අන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය යටතේ කටයුතු කළ පළමු අවස්ථාව මෙයයි.

ඊශ්‍රායල හමාස් සටන් විරාමය අවසන් වීමෙන් පසු, සතියකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් පහර දෙයි. මේ වනවිට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 17,000 පසු කර තිබේ.

Exit mobile version