Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ප්‍රදානයක්

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ප්‍රදානයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදුකළ බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට මෙම ත්‍යාග මුදල් හිමිවන බවය.

මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ භූමි කාර්යමණ්ඩලයේ 138කට මුදල් ලබාදී ඇති අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ භූමි කාර්යමණ්ඩලයේ 115කට එළැඹෙන සිකුරාදා ත්‍යාග මුදල් ලබාදීමට නියමිතව ඇත.

මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබාදී තිබේ.

ඒ අනුව බෙදාදීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 16කට ආසන්න බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම ත්‍යාග මුදල ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත වූ ක්‍රීඩාංගණ සේවකයින්ට හිමිවීමට නියමිතය.

Exit mobile version