Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපාන රජයෙන් ඇ.ඩො මිලියන 2.5කට අධික වටිනාකමකින් යුතු වාහන මෙරට ගුවන් තොටුපොළට

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් ඇ.ඩො මිලියන 2.5කට අධික වටිනාකමකින් යුතු වාහන

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් ඇ.ඩො මිලියන 2.5කට අධික වටිනාකමකින් යුතු වාහන

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම් පරිශ්‍රයේදී පැවති උත්සවයකදී පරිත්‍යාග කිරීම සිදු විය.

මෙම වාහන තොගය අතර අති නවීන උපාංග සහ ඉහළ ධාරිතාවයෙන් යුතු බෝට්ටුවක්, ගිනි හා මුදවා ගැනීමේ රථ දෙකක්, පෙර ගමන් රථයක්, කැබ් රථ දෙකක්ද විය.

මෙම බෝට්ටුව අශ්ව බල 100 සහ අශ්ව බල 25 ඇංජින් දෙකකින් බල ගැන්වෙන අතර එම බෝට්ටුවෙහි ජී.පී.එස් තාක්ෂණය ඇතුළු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත වී තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය කෙළවර මීගමුව කළපුව සහ ඉන් එහා ඉන්දීය සාගරය පවතින බැවින් හදිසි අවස්ථාවකදී ගුවන් යානා අනතුරක් සිදු වී ගුවන් යානයක්, ඒවා මතට කඩා වැටුනහොත් එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බේරා ගැනීම සදහා බෝට්ටු සේවාවක් සූදානම් කර තැබිය යුතු බවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මගින් නිර්දේශ කර තිබේ.

එහෙත් මෙම අති නවීනතම බෝට්ටුව, ජාතික අවශ්‍යතාව සළකා බලා ගුවන් තොටුපොළ විසින්, විදේශයන් ගෙන් රට තුළට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

ඒ වෙනුවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සතුව තිබූ වෙනත් බෝට්ටුවක් ගුවන් තොටුපොළ වෙත පරිත්‍යාග කිරීමද මෙම අවස්ථාවේ සිදු විය.

Exit mobile version