Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ජාතික ක්‍රීඩා සභාව නම් කරයි

ක්‍රීඩා සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට

ක්‍රීඩා සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.

නව ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරයා වන්නේ, අයි. යූ. වික්‍රමසූරිය මහතාය.

එහි සෙසු සමාජිකයන් වන්නේ, ශ්‍රියානි කුලවංශ, විශ්‍රාමික මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි, මහාචාර්ය අර්ජුන ද සිල්වා, පන්ඩුක කීර්තිනන්ද, ආනා පුංචිහේවා, මලික් කාදර්, එස්. වී. ඩී. නානායක්කාර, හෆීෂ් මර්සු, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ජයසූරිය, අනුරාධා ඉලේපෙරුම, මහාචාර්ය ෂමල් ප්‍රනාන්දු සහ කමල් දේශප්‍රියයි.

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ලේකම්වරයා ලෙස අර්ජුන රිෂ්යා ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

එහි සෙසු සමාජිකයන් වන්නේ, ආචාර්ය මයියා ගුණසේකර, සුරේෂ් සුබ්‍රමනියම් සහ නලින්ද සම්පත් ඉලංගකොන් මහත්වරුන්ය.

Exit mobile version