Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් නිවාඩු හා ගුරු වැටුප් ගැන ප්‍රකාශයක්

මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට සරල විභාගයක්

මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට සරල විභාගයක්

ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ මාසයේ පාසල් නිවාඩු ලබාදුන් පසු පෙබරවාරි 2 වනදා යළි පාසල් ආරම්භ කළද නව වසරට අදාළ පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක බවය.

මේ අතර ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව මේ වනවිට සාකච්ඡා කර ඇතැයිද පැවසු අමාත්‍යවරයා ජනවාරියේ සිට රාජ්‍ය සේවකයින් සියලුදෙනාටම රු 10,000 දීමනාව හිමිවන බවද පැවසීය.
ඔහු පැවසු කරුනු පහතින්

“දෙසැම්බර් 22 නිවාඩු දුන්නහම පාසල් පටන් ගන්නේ පෙබරවාරි 2 වෙනදා. තුන්වෙනි වාරයේ තව සති දෙකක් ගිහින් 16 ආපහු නිවාඩු දීලා 19 පටන් ගන්නවා අලුත් පාසල් වාරය. ගිය අවුරුද්දේ අලුත් පාසල් වාරය පටන් ගත්තේ අප්‍රේල් මාසයේ. අපි තව ඉස්සරහට ගෙනාවා. හැබැයි ලබන දෙසැම්බර් මාසය වනවිට විෂය නිර්දේශ සියල්ල ආවරණය විය යුතුයි.විභාග පොඩ්ඩක් කල්ගියාට අනිත් ඒවා පුළුවන් තරම් ඉස්සරහට ගන්නවා. ඒක කොවිඩ් -19 විවිධ හේතු නිසා කල්ගිය ඒවා. අපි යාවත්කාලීන කරගෙන යනවා. දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් නිසා කොච්චර අභියෝග තිබුණත් ලබන අවුරුද්දේ පෙළ පොත්වලට 1,020,000ක් වෙන් කරලා තියෙනවා. නිල ඇඳුම්වලට මිලියන 6,500ක් වෙන් කළා. පාවහන්වලට මිලියන 2,200ක්, දිවා ආහාරයට 16,000ක් මේවා අත්‍යාවශය කරුණු. හැමෝටම රු 10,000ක දීමනාවකුත් හම්බ වෙනවා. ගුරු වැටුප් විෂමතාවය ගැනත් සාකච්ඡා කරනවා. රු 10,000 ඔක්කෝටම ලැබෙනවා. අරක වෙනස්.”

Exit mobile version